පලමු හමුව First Date….
“ අන්තිමට ඔයා ඇහැරුනා එහෙනම් ” “ මේ මොකද ? මට යන්න දෙන්න ! මන් ඔයාට කිසිම වරදක් කරලා නෑනෙ. ඇයි මෙහෙම මට රිද්දන්නෙ ? කරුණාකරලා මට යන්න දෙන්න ! ඔයා මට දැන් යන්න දුන්නොත් මන් මේ ගැන පොලිසියටවත් , වෙන කාටවත් කියන්නෙ නෑ . ” “ කට වහපන් ” “ මට බයයි , ඇත්තටම මට බයයි ! ඇයි මම ක්ලාන්ත වුනේ ? තමුන් මට මොනවද කලේ ? “ “.........” “ ආහ් .... මට මතකයි මන් අන්තිමට ව්‍යායාම ශාලාවෙන් වතුර බිව්වා ”” අනේ දෙවියනේ ! තමුන් මට මාංචු දැම්මද ? තමුන්ට මගෙන් මොනවද ඕනෙ ? “.........” “ කරුණාකරලා මේ අහන්න , ඔයාගෙ අරමුණ මොකක් වුනත් මට විශ්වාසයි අපිට සහයෝගයෙන් සාකච්ඡා කරලා විසදගන්න පුළුවන් කියලා . ඕනම සම්බන්ධතාවයක් ආරම්භ කරන්න ඕනෙ හොද සන්නිවේදනයකින් . අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ... ” “ ඔයාට කතා කරන්න ඕනෙ මොනවා ගැනද ?” “Grammy සම්මානලාභී කෘති අනිවාර්‍යයෙන්ම හොදම සංගීතය නියෝජනය කරනවාද ? මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ කලාකරුවන්ගේ පසුබිම ගැන ඔයා මොනවද හිතන්නේ ? ඒ විතරක් නෙවෙය...